Addvertisement Second
Another Earth 2011

Another Earth (2011) Sinhala Subtitles | තවත් පෘථිවියක් ‍| සිංහල උපසිරැසි සමඟ

2011 Year
1h 30m Length
6.9 Imdb

මන් අද අරන් ආවෙ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක්. මේකෙ නම තමයි Another Earth (2011). Sci-fi/ Drama ඝණයට අයත් වන මෙම චිත්‍රපටය පැයකුත් විනාඩි 32 ක් පුරාවට දිවෙනවා. මෙහි IMDb අගය සටහන් වෙන්නේ 7/10 විදියට. ඒ වගේම Rotten Tomatoes අගය 66% ක් විදියට ස‍ඳහන් වෙනවා. 2011 ජූලි 22 ලොවපුරා තිරගත වීම ආරම්භ කළ මෙම චිත්‍රපටයේ අයවැය ඇමරිකානු ඩොලර් 100,000 ක් වෙනවා. මෙහි අධ්‍යක්ෂණය සිදුකරල තියෙන්නෙ Mike Cahill කියන අධ්‍යක්ෂ වරයා. මෙහි රංගන ශිල්පීන් ගැන සඳහන් කරනවා නන් මෙහි ප්‍රධාන චරිතය ලෙස Brit Marling (රෝඩා), Wiliiam Mapother (ජෝන්) ලෙස රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම මෙම චිත්‍රපටයේ තිර රචනය සිදු කර තිබෙන්නේ Brit Marling සහ Mike Cahill විසින්.

හොඳයි දැන් අපි කතාව පැත්තට හැරෙමු. ඇත්තටම මේ චිත්‍රපටයේ අපූරු සංකල්පයක් ගැන කතා වෙනවා. ඒ තමයි අපි ජීවත් වෙන පෘථිවියට සර්වසම තවත් පෘථිවියක් අපගේ පෘථිවිය ආසන්නයෙන් සොයා ගැනීම ගැන. තව විදියකින් කියනවා නන් හරියට අපේ පෘථිවියේම කැඩපතක් වගේ එකක්. ඒක ඔවුන් හඳුන්වන්නෙ Earth 02 කියලා. ඔවුන් සඳහන් කරන ආකාරයට එම ග්‍රහලෝකයෙත් අපේ පෘථිවියේ විදියටම මහද්වීප ඇතුලු අනිත් සියලුදේම ඒ විදිහටම පිහිටා තිබෙනවා. එහි ජීවත්වෙන මිනිස්සුත් අපේ පෘථිවියේ සිටින අයට සර්වසමයි.

ඉතින් කතාව පටන්ගන්නෙ රෝඩා කියන ගැහැණු ළමයෙක් අතින් සිදුවන වාහන අනතුරකින් ජෝන් නැමැති පුද්ගලයාගේ බිරිඳ සහ පුතා මිය යනවා. නමුත් එම අනතුර නිසා ජෝන් දිගු කාලයක් කෝමා තත්වයට පත්වෙන නිසා අනතුරු සිදුකළ කෙනා ගැන දැනගන්න ලැබෙන්නෙ නෑ. රෝඩා අනතුර සිදුවන විට බාලවයස්කාරියක් වීම නිසා ඇයව පුනරුප්තාපනය කරනවා. ඇය එයින් නිදහස් වී පැමිණීමෙන් පසු ඇයට තමන් සිදු කළ අනතුර ගැන ඇය කණගාටු වෙනවා. ඉතින් මේ නිසා ඇය ජෝන්ගේ ජීවිතයට ඇතුල් වෙලා තමන් කළ වැරැද්ද හරිගස්ස ගන්න උත්සහ කරනවා. නමුත් ජෝන් දන්නෙ නෑ ඇය තමයි තමන්ගෙ පවුල විනාශ කළ පුද්ගලයා කියලා. ඉතින් ඔහු ඒ ගැන දැනගනියිද? මේ චිත්‍රපටය සම්පූර්ණයෙන්ම ඇය වටා තමයි ගෙතිල තියෙන්නෙ. මම ඉහත සඳහන් කරපු සංකල්පය ගැන නන් වැඩි දෙයක් මෙහි අන්තර්ගත වෙන්නෙ නෑ. ඇත්තටම ඒ ගැන වැඩිපුර තිබුණ නන් හොඳයි කියලා හිතෙනවා. ඉතින් ඔයාලත් කැමති නන් අරන් බලන්න. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු! සුබ දවසක්!

ලබා දී ඇති උපසිරැසිය
BluRay
පිටපත් සඳහා ගැලපේ
Download|2635

උපසිරැසි ෆයිල් බාගත නොවේනම් 1. ඔබ Internet Download Manager(Idm) භාවිතා කරන්නේ නම් Google Chrome බ්‍රව්සරය භාවිතා කරමින් Alt යතුර සමඟ භාගත කිරීමේ ලින්ක් එක ක්ලික් කරන්න. 2. වෙනත් බ්‍රව්සරයක් භාවිතා කර බලන්න.

profile card

ලබා දී ඇති මෙම සිංහල උපසිරැසි සඳහා
දේවාදිත්‍ය සහෝදරයාට ස්තූතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් සියල්ල ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Joined Date: Nov 06, 2020


35
Total Subtitles

Check Also

Another Earth 2011 overlay-icon

The Christmas Chronicles 2 (2020) Sinhala Subtitles | නත්තල් අසිරිය ‍| සිංහල උපසිරැසි සමඟ

ඔන්න අද මම අරගෙන ආවෙ නත්තල් සම්බන්ධ කතාවක්. ඒ තමයි The Christmas Chronicles 2 (2020) ඇත්තටම මීට

Leave Reply

5 Comments

  1. Isuru Tharanga
    Oct 05, 2021 at 07:09 am

    Thanks!

  2. Ruwan Prasad
    May 17, 2021 at 03:57 am

    ස්තූතියි.

  3. Sanjaya
    Mar 30, 2021 at 06:08 am

    නියමයි බ්‍රෝ!

  4. Supun Kaushalya
    Mar 23, 2021 at 12:21 am

    තෑන්ක්ස් සහෝ

  5. Hashan
    Mar 21, 2021 at 10:45 am

    Thank You මචං ❤❤️🔥