Addvertisement Second
Black Box (2020)

Black Box (2020) Sinhala Subtitles | මේ මතකයන් මගේමද? ‍| සිංහල උපසිරැසි සමඟ

2020 Year
1h 40m Length
6.2 Imdb

හොඳයි ඔන්න මන් අද අරන් ආවේ Horror/Sci-fi කාණ්ඩයට අයත් වෙන චිත්‍රපටයක්. ඒ තමයි Black Box (2020). මේක Imdb අගය 6.2 කුත් Rotten Tomatoes අගය 70% කුත් අරන් තියෙනවා. සාමාන්‍යයෙන් Horror කාණ්ඩයේ චිත්‍රපටි වලට මෙවැනි අගයන් හිමි වෙන්නෙ ඉතාමත් කළාතුරකින් තමයි. හැබැයි ඉතින් මේක Horror කාණ්ඩයට අයත් වුණාට වැඩි පුර තියෙන්නෙ විද්‍යාව සම්බන්ධ දේවල්. ඉතින් සමහර විට ඒ නිසා වෙන්න ඇති මෙවැනි අගයක් මේකට ලැබෙන්න ඇත්තෙ. කොහොම හරි මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Emmanuel Osei-Kuffour කියන අධ්‍යක්ෂවරයා. ඒ වගේම මෙහි ප්‍රධාන රංගන ශිල්පීන් විදියට Phylicia Rashād, Mamoudou Athie, Tosin Morohunfola, Amanda Christine, Donald Elise Watkins කියන අය දායක වෙලා ඉන්නවා. මේ අය නන් අපිට එතරම්ම හුරු පුරුදු අය නෙමෙයි. පැයකුත් විනාඩි 40ක් පුරා දිවෙන මේ චිත්‍රපටය ඔබව වෙනස් මානයකට අරන් යන බවට මට නිසැකවම කියන්න පුළුවන්. ඒ වගේම මේකෙ මෝහනය කිරීම සම්බන්ධ දේවල් සහ මිනිසාගේ උපවිඥානය නැත්නම් යටි හිත පිළිබඳව ගොඩක් දේවල් අන්තර්ගත වෙනවා.

හොඳයි එහෙනම් අපි කතාව ගැන පොඩ්ඩක් බලමු. නෝලන් එයාගෙ බිරිඳ සමඟ ගමන් කරමින් ඉන්නකොට එයාලව අනතුරකට ලක්වෙනවා. ඒ අවස්ථාවෙදි එයාගෙ බිරිඳගෙ ජීවිතේ නැති වෙනවා. නමුත් නෝලන්ට තමන්ගෙ ජීවිතේ බේරගන්න පුළුවන් වෙනවා. හැබැයි එයාට අතීතයේ සිදු වෙච්ච කිසිම දෙයක් මතක නෑ. වෛද්‍යවරු නන් කියන්නෙ එයාට තියෙන්නෙ ඇම්නීෂියා රෝගී තත්වය කියලා. නමුත් මෙයා හැමදාම හීනෙන් අමුතු දේවල් දකින්න පටන් ගන්නවා. ඔය අතරතුර මෙයාට ඩොක්ටර් ලිලියන් බෘක්ස් කතා කරනවා එයාගෙ අලුත් සොයාගැනීම තුළින් එයාගෙ මතකය නැවත ස්ථාපනය කරන්න පුළුවන් කියලා. ඉතින් කොහොම හරි අවසානයේ නෝලන් ඒකට කැමති වෙනවා ඒ වෙන කරන්න දෙයක් නැති නිසා. ඉතින් මුලින්ම නෝලන්ව මෝහනය කරහම ඩොක්ටර් බෘක්ස් දැනගන්නවා මෙයාගෙ උපවිඥානය තාමත් සක්‍රීයව තියෙනවා කියලා. ඊට පස්සෙ මෙයාව Black Box කියන උපකරණයට සම්බන්ධ කරනවා. ඒකෙන් සිද්ධ වෙන්නෙ නෝලන්ගෙ යටි සිතේ තියෙන මතක ඉහළට අරන් දෙන එක. මෙයා ඒකෙදි දකින දර්ශන මෙයාගෙ මතක නෙමෙයි කියල මෙයාට හිතෙනවා. ඉතින් මේ දකින දර්ශණ ඇත්තටම මෙයාගෙ නෙමෙයිද? එහෙනම් ඒවා කාගෙ වෙන්න පුළුවන්ද? වෙනත් භාහිර බලවේගයක බලපෑමෙන් ඇතිවෙන දර්ශනද? ඉතින් ඒ දේවල් මොනවද කියල දැනගන්න මේ චිත්‍රපටිය බලන්න කියල මන් ඔයාලට ආරාධනා කරනවා.

එහෙනම් නැවතත් තවත් උපසිරැසියකින් හම්බවෙමු.

හැමෝටම සුභ දවසක්!!!

ලබා දී ඇති උපසිරැසිය
WebRip
පිටපත් සඳහා ගැලපේ
Download|1824

උපසිරැසි ෆයිල් බාගත නොවේනම් 1. ඔබ Internet Download Manager(Idm) භාවිතා කරන්නේ නම් Google Chrome බ්‍රව්සරය භාවිතා කරමින් Alt යතුර සමඟ භාගත කිරීමේ ලින්ක් එක ක්ලික් කරන්න. 2. වෙනත් බ්‍රව්සරයක් භාවිතා කර බලන්න.

profile card

ලබා දී ඇති මෙම සිංහල උපසිරැසි සඳහා
දේවාදිත්‍ය සහෝදරයාට ස්තූතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් සියල්ල ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Joined Date: Nov 06, 2020


35
Total Subtitles

Check Also

Black Box (2020) overlay-icon

Heirs of the Night (2019) [S02: E12] Sinhala Subtitles | ගුහාව සොයා තරඟයක ‍| සිංහල උපසිරැසි සමඟ

ඔන්න එහෙනම් 12 වෙනි කොටසත් අරන් ආවා. අපි බලමු පසුගිය කොටසෙ මොකද වුණේ කියලා. කලින් කොටසෙදි ඉන්ගර් අයිවිට

Leave Reply

6 Comments

  1. Hashan
    Jun 17, 2021 at 12:57 pm

    Thank you 🙂

  2. Krishan silva
    Jun 16, 2021 at 09:20 am

    මේක මම හොය හොය හිටපු ෆිල්ම් එකක්. ෆිල්ම් එකට කළින් සබ් එක හම්බුනා එහෙනම්!
    තෑන්ක්ස් සහො!!!!

  3. Ruwan Prasad
    Jun 16, 2021 at 05:29 am

    ස්තූතියි.

  4. Chandula Thilakarathna
    Jun 15, 2021 at 01:10 am

    Good Job bro!

  5. Sanjaya
    Jun 15, 2021 at 05:26 am

    Thanks!

  6. Supun Kaushalya
    Jun 15, 2021 at 12:47 pm

    තෑන්ක්ස් සබ් එකට සහෝ