Addvertisement Second
Fury 2014

Fury (2014) Sinhala Subtitles | තම ජීවිතයට වඩා රාජකාරිය ලොකුවූ හමුදා නිලධාරියා ‍| සිංහල උපසිරැසි සමඟ

2014 Year
2h 14m Length
7.6 Imdb

ලෝක යුද්ධය හා සබැදි චිත්‍රපටි වලට කැමති අය වෙනුවෙන්ම අද මම අරගෙන ආව නියම චිත්‍රපටියක්.මේකෙ නම Fury. දෙවන ලෝක යුද්ධය සමයේදී ඇමරිකානු හමුදාවට අයත් යුද්ධ ටැංකියකට මුහුනපාන්න සිදුවුනු සිදුවීම් මාලාවක් පාදක කරගෙන තමයි මේ චිත්‍රපටිය නිර්මාණය කරල තියෙන්නෙ. Fury කියන්නෙ ඒ යුද්ධ ටැංකිය හදුන්වපු නම. මෙතෙක් දෙවන ලෝකය යුද්ධය පාදක කරගෙන නිර්මාණය කළ දහස් ගණක් චිත්‍රපටි අතරින් හොද අධ්‍යක්ෂනයක් හා ඉහළ තාත්වික බවකින් සමන්විත නිර්මාණයක් තමා මේ Fury චිත්‍රපටිය.ඉතිහාස කතාවක් පාදක කරගත් චිත්‍රපටියක් වුනත් ආරම්භයේ සිට අන්තිම මොහොත දක්වාම කිසිම කම්මැලි කමක් නැතුව එක දිගට බලන්න පුලුවන් සුපිරි චිත්‍රපටියක් තමයි මේක.

Fury 2014 ඔක්තොම්බර් 15 වෙනිද තමා මුලින්ම තිරගත කරල තියෙන්නෙ.මේ චිත්‍රපටිය Action, Drama, War යන කාණ්ඩ වලට අයත් වෙනව. මේක අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ David Ayer නම් අධ්‍යක්ෂකවරයා විසිනි. Fury චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රගපාන්නෙ සුපිරි හොලිවුඩ් නලු Brad Pitt විසිනි.සෙසු  චරිත සදහා Shia LaBeouf, Logan Lerman, Michael Peña, Jon Bernthal රංගනයෙන් දායකවනවා. මේ චිත්‍රපටිය IMDB දර්ශකයේ 7.6ක් වැනි ඉහළ අගයක් ලබා තිබෙනවා.තවද මේ චිත්‍රපටිය සම්මාන 5කින් පිදුම් ලබා ඇති අතර, ඇගයීම් 23කට පමණ නිර්දේශ වෙලා තියෙනව. අපි කතාව ගැනත් පොඩ්ඩක් මතක් කරමු එහෙනම්.

චිත්‍රපටිය පටන්ගන්නකොටම වගේ පොඩි වාක්‍ය පෙළක් තිරයේ දර්ශනය වෙනව. ඒ වාක්‍ය පෙලේ මෙන්න මෙහෙම කතාවක් කියනව.
           " දෙවනි ලෝක යුද්දය සමයේ ඇමරිකානු යුධ ටැංකිවලට වඩා ජර්මානු යුධ ටැංකි වල 
             අවි ආයුධ හා සන්නාහයන් ගොඩක් දියුණු මට්ටමක පැවතුණා.
             සතුරන්ගේ දියුණු සන්නද්ධ රථ වලට විරුද්ධව සටන් කිරීමේදී  ඇමරිකානු යුධ ටැංකි 
             වලට  ඉතා දරුණු ලෙස හානි සිදුවුණා. "

අන්න ඒ විදිහට ජර්මන් යුද්ධ ටැංකි වලින් දරුණුවට බැටකාපු එක ඇමරිකානු යුධ ටැංකියක් තමා Fury කියන්නෙ. Fury යුද්ධ ටැංකියේ 5 දෙනෙක් වැඩකරනව. එතන ලොක්ක තමා සාජන්ට් ඩොන් කොලියර් (Brad Pitt) ජර්මනියෙදි නාසි හමුදාව (හිට්ලර්ගෙ හමුදාව) එක්ක වුනු දරුණු සටනකින් Fury යුද්ධ ටැංකියට වෙඩි වැදිල අනාතවෙලා ඉන්න දර්ශනයකින් තමා ෆිල්ම් එක පටන් ගන්නෙ.ඒ සටනෙදි අන්තිමට ඉතුරු වෙලා හිටියෙ Fury යුද්ධ ටැංකිය විතරයි. එතනත් 5 දෙනාගෙන් එක්කෙනෙක් සටනෙදි මැරිලා. ඉතුරු වුනේ සාජන් ඩොන්, බයිබල්, ගෝර්ඩෝ, කූන් ඈස් කියන හතර දෙනා විතරයි. Fury ඇමරිකානු ප්‍රධාන හමුදා කදවුරට ලගාවුනාට පස්සෙ එයාලගෙ මැරුණු කෙනා වෙනුවට අලුත් සෙබලෙක් මුලස්ථානයෙන් Furyට ලබාදෙනවා. ඔහුගෙ නම නෝර්මන්. ඔහු නවක සෙබලෙක් .හමුදාවට ඇවිල්ල සති අටයි. ඇත්තටම නෝර්මන් කියන්නෙ හමුදා මූලස්තානෙ වැඩ කරපු ක්ලාක් කෙනෙක්.ඔහු  කිසිම අවි පුහුණුවක් ලබල නෑ. අඩුම තරමෙ යුද්ධ ටැංකියක ඇතුලවත් දැකල නෑ. විනාඩියට වචන 60ක් ටයිප්කරන්න පුරුදුවෙලා හිටපු නෝර්මන්ව එකපාරටම ජර්මනියෙ දරුණු සටන් ඇති ප්‍රදේශවල ඉදිරි පෙළ මෙහෙයුම් සිදුකරන යුද්ධ ටැංකියක සේවයට යොදවනව. ඇත්තටම ඒක මාරම අවුලක්.ඒක වැරදීමක්. ඒත් කරන්ඩ දෙයක් නෑ. කොහොම හරි අන්තිමට නවක සෙබල නෝර්මන් එක්ක Furyට යුද්දෙට යන්න සිද්ධවෙනව. පස්සෙ Fury ඉදිරි පෙළ මෙහෙයුම් කිහිපයකටම සහභාගි වෙනව, හදිසි මුදාගැනීමේ මෙහෙයුම් වලට සම්බන්ධ වෙනව, අතර මගදි සතුර ප්‍රහාර වලටත් මුහුණ දෙන්න වෙනව, අති භයානක ජර්මන් යුධටැංකි වලටත් මුහුණ දෙන්න සිද්ධවෙනව, දරුණු නාසි හමුදා සේනාංක වලට තනියම මුහුණ දෙන්නත් සිද්ධවෙනව, ඔය වගේ තව තව සිද්ධි ගොඩක් වෙනව.
යුද්ධ ටැංකි ගැන මල පොතේ අකුරක් දන්නැති නෝර්මන් මේ හැමදේටම කොහොම මුහුන දෙයිද? 
නෝර්මන් වගේ නවකයෙක් එක්ක සාජන් ඩොන් ඇතුලු අනිත් තුන්දෙනා කොහොම එකට වැඩ කරයිද? 
අලුත් එක්කෙක්ට උගන්නන ගමන් යුද්ධ කරන්න පුලුවන්ද? අනේ මන්ද ඉතින්.
මම නම් මොකුත් කියන්නෑ. ඔයාලම චිත්‍රපටිය බලලම මේ ප්‍රශ්නවලට උත්තර ටික හොයාගන්න.

අන්තිමට හරි මේ ටිකනම් කියන්නම ඕනි. නැත්තන් මේ මුලු ආර්ටිකල් එකම කිසි තේරුමක් නැතිවෙනව. කලින් ඡේදෙදි මම නෝර්මන්ව ටිකක් වැඩිපුර ඉස්මතු කරා කුතුහලය ඇතිකරන්න ඕනි හින්ද.ඒත් ඇත්තම කතාව තමයි මේ චිත්‍රපටිය රසවත් කරන්න, අර්ථවත් කරන්න හා මේ චිත්‍රපටියට ඉහල ගුණාත්මක බවක් ලබාදෙන්න වැඩිම දායකත්වයක් ලබාදුන්නෙ අනිවාර්‍යයෙන්ම සාජන්ට් ඩොන් කොලියර් ගෙ චරිතය. සමහර වෙලාවට තමංගෙ සගයන්ට මල ඇණයක්,අනිත් පැත්තෙන් තමංගෙ සගයින්ගෙ ජීවිත රැකීමට අවංකව දිවුරුන් දුන් නායකයෙක්. යුද්ධයේදී කිසි විටකත් පසු නොබසින නිර්භීත නායකයෙක්, විටෙක යුද්ධයේ කටුක බවින් පීඩාවිදිමින් ඒ අදුරු මතක අමතක කිරීමට උත්සාහකරන  චරිතයක්. ජර්මන් හමුදා සෙබලුන්ට කිසිම සමාවක් නොදෙන ඝාතකයෙක්, අනික් අතට ජර්මන් වැසියන්ට අනුකම්පා කරන හොද මනුස්සයෙක්. තමන්ගෙ පණටත් වඩා තම රාජකාරිය ලොකුවූ ඒ ඇමරිකානු හමුදා නිලධාරියා, ඔහු තමයි සාජන් ඩොන් කොලියර් හෙවත් වර්ඩැඩී!

ලබා දී ඇති උපසිරැසිය
BluRay
පිටපත් සඳහා ගැලපේ
Download|9807

උපසිරැසි ෆයිල් බාගත නොවේනම් 1. ඔබ Internet Download Manager(Idm) භාවිතා කරන්නේ නම් Google Chrome බ්‍රව්සරය භාවිතා කරමින් Alt යතුර සමඟ භාගත කිරීමේ ලින්ක් එක ක්ලික් කරන්න. 2. වෙනත් බ්‍රව්සරයක් භාවිතා කර බලන්න.

profile card

ලබා දී ඇති මෙම සිංහල උපසිරැසි සඳහා
චන්දුල තිලකරත්න සහෝදරයාට ස්තූතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් සියල්ල ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Joined Date: Jan 02, 2021


4
Total Subtitles

Check Also

Fury 2014 overlay-icon

V (2020) Sinhala Subtitles | සාධාරණ දාම ඝාතකයා ‍| සිංහල උපසිරැසි සමඟ

ඔන්න අද මම අරගෙන ආව Serial Killer Movie වලට කැමති අය වෙනුවෙන්ම සුපිරි තෙලිගු චිත්‍රපටියක්. දාම ඝාතකයෙක්

Leave Reply

6 Comments

  1. chinthaka
    Aug 10, 2021 at 01:15 pm

    Sinhala subtitles - What is used sinhala font

  2. Krishan silva
    May 15, 2021 at 03:08 pm

    sub eka niyamay mcn. world war gane kiyawena patta film tikak thiyanawa, kawruth sub gahapu nathi. puluwan nam eewage sub denna balanna.
    Good Luck!

  3. devinda
    May 12, 2021 at 02:38 pm

    Great job dear.gd luck....

  4. දේවාදිත්‍ය
    Mar 16, 2021 at 05:36 am

    අපි පුලුවන් තරම් උත්සහ කරන්නන් අනිත් සයිට් වල සබ් දීල නැති ෆිල්ම් වලට සබ් දෙන්න.

  5. Supun Kaushalya
    Mar 15, 2021 at 11:57 pm

    තෑන්ක්ස් සහෝ පුලුවන් නම් වෙන සයිට්වල දීල නැති ඒවට සබ් කරන්න එතකොට සයිට් එකත් අප් වෙලා එනවා

  6. Madushan max
    Mar 14, 2021 at 02:43 pm

    "Hacksaw Ridge" film eketh subtitle eka dennko