ඔන්න එහෙනම් 6 වෙනි කොටසත් අරන් ආවා. අපි බලමු පසුගිය කොටසෙ මොකද වුණේ කියලා.
පසුගිය කොටසින්
කලින් කොටසෙදි ඔයාල දැක්කා ඩ්‍රැකියුලා රිදී වලින් පෙට්ටියක් හදා ගන්නවා. මොකද එයාට ඕනි මැණික් වල බලය ඇලීසට ලැබෙන් නැතුව තියාගන්න. ඒ වගේම ඇලීසා වැන් හෙල්සින්ග්ව එයාලගෙ නැවට අරන් එනවා. මොකද එයා තමයි හරියටම දන්නෙ රැග්නා ලාර්ස්වත් අරගෙන කොහෙටද යන්නෙ කියලා. හැබැයි ඉතින් මේ වැඩේට අනිත් අය නන් එච්චර කැමති වෙන්නෙ නෑ. මොකද වැන් හෙල්සින්ග් කියන්නෙ සෑහෙන කාලයක් තිස්සෙ පිසාචයින්ව දඩයම් කරන කෙනෙක් හින්දා. ඉතින් කොහොමහරි ඇලීසා එයාගෙ අම්මගෙන් සමු අරන් රැග්නා පස්සෙ යන්න පටන් ගන්නවා. ඒ අතරෙම ඇලීසගෙ අම්ම අයිවිට කතා කරල කියනවා එයාල හැම්බර්ග් වලට ගිහින් ප්‍රහෙළිකාවෙ අන්තිම කොටස හොයාගන්න ඕනි කියලා. ඒ වගේම තමයි නොයිඩි මෙච්චරකල් කරපු සේවය ඉවර කරමින් එයා නැති වෙලා යනවා. ඒ ඊළඟ නොයිඩි කෙනෙක් පත්වුණ නිසා. ඔන්න ඉතින් මෙයාල ගමන යන්න පටන් ගත්ත ගමන්ම වගේ මෙයාලට ලොකු කුණාටුවකටත් මුහුණ දෙන්න වෙනවා. එතනින් තමයි පසුගිය කොටස අවසන් වුණේ.
අද කොටසින්
ඔන්න ඉතින් ඔය කුණාටුව අස්සෙම අයිවියි ඉන්ගරුයි එකතු වෙලා ඇලීසගෙ අම්මගෙ සටහන් පොතේ තියෙන ප්‍රහෙළිකාව විසඳන්න උත්සහ කරනවා. මේ අතරතුර නැවේ බද හිල්වෙලා නැවට වතුර එන්න පටන් ගන්නවා. ඉතින් මෙයාලට මේ නැවේ බද හදාගන්න පුළුවන් වෙයිද? මෙයාල කුණාටුවෙන් බේරෙයිද? ඒ වගේම රැග්නා ඩ්‍රැකියුලට මැණික් ටික ගිහින් දෙයිද? ඉතින් මේ දේවල් වලට උත්තර හොයා ගන්න නන් ඔයාලට මේ කොටස බලන්න සිද්ධ වෙනවා.
එහෙනම් නැවතත් ඊළඟ කොටසින් හමුවෙමු.
සුබ දවසක්!!!
Due to copyright issues we do not provide any torrent links
උපසිරැසි ෆයිල් බාගත නොවේනම් 1. ඔබ Internet Download Manager(Idm) භාවිතා කරන්නේ නම් Google Chrome බ්‍රව්සරය භාවිතා කරමින් Alt යතුර සමඟ භාගත කිරීමේ ලින්ක් එක ක්ලික් කරන්න. 2. වෙනත් බ්‍රව්සරයක් භාවිතා කර බලන්න.

ලබා දී ඇති මෙම සිංහල උපසිරැසි සඳහා
දේවාදිත්‍ය
සහෝදරයාට ස්තූතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් සියල්ල ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Joined Date: Nov 06, 2020
Thank you
නියමයි!
Thanks!
තෑන්ක්ස් සහෝ