හොඳයි ඔන්න එහෙනම් 7 වෙනි කොටසත් අරන් ආවා. අපි බලමු පසුගිය කොටසෙ මොකද වුණේ කියලා.
පසුගිය කොටසින්
පසුගිය කොටසෙදි ටැමෝ සහ ජොඈන් හොරෙන්ම නැවට ඇවිත් තිබුණා. ඇත්තටම ටැමෝට ඕනි කරන්නෙ එයාගෙ අක්කට උදව් කරන්න. ඉතින් කොහොමහරි අයිවියි ඉන්ගරුයි ප්‍රහෙළිකාව විසඳ විසඳ ඉන්නකොට තමයි ටැමෝයි ජොඈනයි හැංගිලා ඉන්න තැනින් එළියට එන්නෙ. මේ වෙලාවෙම ඇලීසත් පහළට එනවා. ඉතින් එයත් දැනගන්නවා ටැමෝ එහෙම නැවට ඇවිත් ඉන්නෙ කියලා. ඒ වගේම තමයි මේ වෙලාවෙදි එයාල දැනගන්නවා ඇලීස තමයි පුළිඟුව තියෙන අන්තිම කෙනා කියලා. එයාගෙන් පස්සෙ පුළිඟුව නැති වෙලා යනවා. ඉතින් මෙයාල කුණාටුවත් එක්ක සටන් කර කර ඉන්න වෙලාවෙ ඩ්‍රැකියුලා නිකූ එක්ක ගිහින් බෙලොව් සොහොනෙ හංගල තියෙන මැණික් ටික අරන් රිදී පෙට්ටියට දා ගන්නවා. ඔය අතරෙම නැවේ බද හිල් වෙලා ඇතුලට වතුර එන්න පටන් ගන්නවා. මේ වෙලාවෙදි අයිවිට නොයිඩිගෙ බලය ලැබිල එයා ඒ නැවේ පැල්ම වහල දානවා. මේක එතන ඉන්න ඉන්ගර් දකිනවා. එතකොට එයා දැනගන්නවා අයිවිගෙ මොකක් හරි වෙනසක් තියෙනවා කියලා. ඔය දේවල් ඔක්කොම වෙන අතරෙ රැග්න ලාර්ස් එක්ක ඩ්‍රැකියුලා හම්බවෙලා එයාට මැණික් ටික දෙනවා. හැබැයි ඉතින් ඩ්‍රැකියුලා මැණික් ටික ගත්තට පස්සෙ රැග්නව ඇදල අරන් ඉර එළියට දානවා. ඒ වෙලාවෙදි රැග්නා දූවිලි බවට පත්වෙලා යනවා. ඉතින් කොහොමහරි අන්තිමට අයිවිට පුළුවන් වෙනවා ඇලීසට පෙන්වල දෙන්න එයා යන්න ඕනි ගැටය හොයාගෙන මිසක් ලාර්ස්වත් නිකූවත් පස්සෙ නෙමෙයි කියලා. ඉතින් මෙයාල ඔක්කොම නැව හරවනෙ හැම්බර්ග්වලට යන්න පිටත් වෙනවා.
අද කොටසින්
මේ කොටසෙදි ඔයාලට බලාගන්න පුළුවන් ඇලීස ඇතුලු කට්ටිය හැම්බර්ග් වලට ගිහින් ප්‍රහේළිකාවෙ අන්තිම කොටස හොයාගන්න උත්සහ කරන හැටි. හැබැයි ඉතින් ඒක ලේසි දෙයක් නම් වෙන්නෙ නෑ. මොකද එහෙ රතු මුඛවාඩම් කල්ලියෙ කට්ටිය ඉන්න නිසා. ඉතින් මෙයාලට ප්‍රහෙළිකාවෙ අන්තිම කොටස ගන්න පුළුවන් වෙයිද? මෙයාලට රතු මුඛවාඩම් කල්ලියට අහු නොවී ඒක ගන්න පුළුවන් වෙයිද?
එහෙනම් නැවතත් ඊළඟ කොටසින් හමුවෙමු.
සුබ දවසක්!!!
Due to copyright issues we do not provide any torrent links
උපසිරැසි ෆයිල් බාගත නොවේනම් 1. ඔබ Internet Download Manager(Idm) භාවිතා කරන්නේ නම් Google Chrome බ්‍රව්සරය භාවිතා කරමින් Alt යතුර සමඟ භාගත කිරීමේ ලින්ක් එක ක්ලික් කරන්න. 2. වෙනත් බ්‍රව්සරයක් භාවිතා කර බලන්න.

ලබා දී ඇති මෙම සිංහල උපසිරැසි සඳහා
දේවාදිත්‍ය
සහෝදරයාට ස්තූතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් සියල්ල ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Joined Date: Nov 06, 2020
Thank you
ස්තූතියි
Thanks!
තෑන්ක්ස් සහෝ