හොඳයි ඔන්න එහෙනම් 8 වෙනි කොටසත් අරන් ආවා. අපි බලමු පසුගිය කොටසෙ මොකද වුණේ කියලා.
පසුගිය කොටසින්
අයිවිට එක පාරටම කලින් හිටපු නොයිඩිව හීනෙන් පේන්න පටන් ගන්නවා. මෙයා ඒකෙන් ඇහැරෙනවත් එක්කම එයා දකිනවා වැන් හෙල්සින්ග් සිතියම පිටපත් කරන ආකාරය. ඔය අතරෙදි ඇලීසට එයාගෙ පරණ මතකයන් ආයිත් මතක් වෙනවා. නිකූව හම්බවෙච්ච හැටි ඒ වගේම එයාල හැම්බර්ග් වලින් පැනල ගිය හැටි. ඉතින් අයිවි ඇවිත් මේ වෙලාවෙ ඇලීසට කියනවා වැන් හෙල්සින්ග් සිතියම පිටපත් කරනවා එයා දැක්කා කියලා. මේ ගැන වැන් හෙල්සින්ග්ගෙන් ඇහුවහම එයා කියන්නෙ මුල් පිටපතට මොකක් හරි වුනොත් කියල එයා ඒක පිටපත් කළා කියලා. ඒ වගේම එයා පිටපත් කළ සිතියමත් ඇලීසට දෙනවා. ඉතින් කොහොමහරි මෙයාල හැම්බර්ග් වලට එනවා. ඊට පස්සෙ ඇලීස, අයිවි සහ කැල්විනා ප්‍රහෙළිකාවෙ අන්තිම කොටස හොයාගෙන යනවා. මෙයාල ඇලීසගෙ ගේ කිට්ටුවට යනකොට එතන රතු මුඛවාඩම් කල්ලියෙ සාමාජිකයින් සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් මෙයාලත් රතු මුඛවාඩම් කල්ලි සාමාජිකයින් විදියට ගේ ඇතුලට යනවා. ඉතින් මෙයාල ගේ ඇතුලෙ සිතියමේ කොටස හොයාගන්නකොටම එතනට හෙන්ඩ්රික් එනවා. එයා ඇවිත් තියෙන්නෙ ටැමෝවයි ජොඈනවයි හොයාගෙන. ඒත් එක්කම වගේ ඩ්‍රැකියුලත් දැනගන්නවා ඇලීස ඉන්නෙ හැම්බර්ග් වල කියලා. ඉතින් එයත් දැන් හැම්බර්ග් වලට එන ගමන් ඉන්නෙ. ඔත අතරෙදි රතු මුඛවාඩම් කල්ලි සාමාජිකයෙක් මෙයාලව දකිනවා. ඒත් එක්කම අනිත් හැමෝමත් ඇවිත් මෙයාලව අල්ල ගන්න උත්සහ කරනවා. ඔන්න ඔතනින් තමයි පසුගිය කොටස අවසන් වුණේ.
අද කොටසින්
ඔන්න කොහොම හරි රතු මුඛවාඩම් කල්ලි සාමාජිකයින් ඇතුලට එනකොටම කැල්වීනා ඇලීසවයි අනිත් අයවයි අල්ල ගත්ත වගේ රඟපාල එයාලව කූඩුවකට දානවා. ඔය අතරෙ ඩ්‍රැකියුලා එන කරත්තයත් කැඩිල එයාල එන එකත් ටිකක් පරක්කු වෙනවා. ඒ වගේම ඇලීස එහෙම පරක්කු නිසා වැන් හෙල්සින්ග් එයාලව හොයන්න පිටත් වෙනවා. එයා පිටත් වෙනකොට නැවේ උඟුලක් අටවල තමයි යන්නෙ. ඉතින් මේ උඟුල අටවල තියෙන්නෙ මොකකටද? ඒ වගේම ඇලීස ඇතුලු කට්ටියට රතු මුඛවාඩම් කල්ලියෙන් බේරිලා පැනල එන්න පුළුවන් වෙයිද?
එහෙනම් නැවතත් ඊළඟ කොටසින් හමුවෙමු.
සුබ දවසක්!!!
Due to copyright issues we do not provide any torrent links
උපසිරැසි ෆයිල් බාගත නොවේනම් 1. ඔබ Internet Download Manager(Idm) භාවිතා කරන්නේ නම් Google Chrome බ්‍රව්සරය භාවිතා කරමින් Alt යතුර සමඟ භාගත කිරීමේ ලින්ක් එක ක්ලික් කරන්න. 2. වෙනත් බ්‍රව්සරයක් භාවිතා කර බලන්න.

ලබා දී ඇති මෙම සිංහල උපසිරැසි සඳහා
දේවාදිත්‍ය
සහෝදරයාට ස්තූතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් සියල්ල ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Joined Date: Nov 06, 2020
Thank you
ස්තූතියි.
Thanks!
තෑන්ක්ස් සහෝ