Addvertisement Second
Heirs of the night

Heirs of the Night (2019) [S02: E09] Sinhala Subtitles | සිතියමේ ගනුදෙනුව ‍| සිංහල උපසිරැසි සමඟ

2019 Year
- Length
7.1 Imdb

හොඳයි ඔන්න එහෙනම් 9 වෙනි කොටසත් අරන් ආවා. අපි බලමු පසුගිය කොටසෙ මොකද වුණේ කියලා.

පසුගිය කොටසින්

ඉතින් ඔයාල දැක්කත් වගේ කැල්විනා ඇලීසවයි අනිත් අයවයි එයා අල්ල ගත්ත වගේ රඟපාල එයාලව කූඩුවකට දානවා. හැබැයි රතු මුඛවාඩම් කල්ලියෙ අලුත් නායකයා කැල්විනාව එච්චර විශ්වාස කරන්නෙ නෑ. ඉතින් එයාට විශ්වාසය ඇති කරවන්න ඕනි නිසා කැල්විනා කියනවා ඇලීසව අරන් ගිහින් ඉර එළියට දාන්න කියලා. ඉතින් එතනදි ඇලීසව ඉර එළියට දානවත් එක්කම කැල්විනා නායකයගෙ බෙල්ලට පිහියක් තියල එයාව යටත් කරගෙන අනිත් අයවයි සිතියමේ යතුරයි අරගෙන එතනින් පැනගන්නවා. ඔය අතරෙදි ඇලීසලව හොයන්න කියල ආපු වැන් හෙල්සින්ග් රතු මුඛවාඩම් කල්ලිය හම්බවෙනවා. මොකද වැන් හෙල්සින්ග් තමයි ඇත්තටම රතු මුඛවාඩම් කල්ලිය මෙහෙයවන්නෙ. ඉතින් ඔය අතරෙ ලාර්ස් ඩ්‍රැකියුලාගෙන් මැණික් ගන්න ගිහින් එයාට අහුවෙනවා. ඉතින් ඒ වැඩෙත් කොහොම හරි අසාර්ථක වෙනවා. ඇලීස සිතියමේ යතුරත් අරන් සිතියම වේලෙන්න එල්ලල තිබ්බ කාමරයට යනකොට ඒ කාමරය ගිනිගන්න විදියට වැන් හෙල්සින්ග් උගුලක් අටවල තිබ්බේ. ඒකෙන් සිතියම සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. ඒ වගේම තමයි අවසානයෙදි හිටපු නොයිඩි අයිවිට කියල දෙනවා පෘථිවිය චන්ද්‍රයා ඇතුලු අනෙකුත් වස්තු පාලනය කරන්නෙ කොහොමද කියලා. ඒ වගේම අයිවි ඉන්ගර්ට කියනවා එයාට ඇත්තටම මොකක්ද වෙන්නෙ කියලා. එතකොට ඉන්ගර් දැනගන්නවා එයා අලුත් නොයිඩි බවට පත්වෙමින් ඉන්නවා කියලා.

අද කොටසින්

ඇලීසට වැන් හෙල්සින්ග් එක්ක ගනුදෙනුවකට එන්න සිද්ධ වෙනවා එයාට සිතියම ගන්න ඕනි නන්. ඒ වගේම තමයි චන්ද්‍රග්‍රහණයත් ලං වෙමින් තියෙන්නෙ. ඒ වගේම ඩ්‍රැකියුලත් එයාගෙ හමුදාවත් අරන් හැම්බර්ග් වලට එමින් ගමන් ඉන්නෙ. ඉතින් ඇලීස වැන් හෙල්සින්ග් එක්ක ගනුදෙනුවකට කැමති වෙයිද? ඩ්‍රැකියුලට එයාගෙ හමුදාව හදා ගන්න පුළුවන් වෙයිද?

එහෙනම් නැවතත් ඊළඟ කොටසින් හමුවෙමු.

සුබ දවසක්!!!

ලබා දී ඇති උපසිරැසිය
Web
පිටපත් සඳහා ගැලපේ
Download|988

උපසිරැසි ෆයිල් බාගත නොවේනම් 1. ඔබ Internet Download Manager(Idm) භාවිතා කරන්නේ නම් Google Chrome බ්‍රව්සරය භාවිතා කරමින් Alt යතුර සමඟ භාගත කිරීමේ ලින්ක් එක ක්ලික් කරන්න. 2. වෙනත් බ්‍රව්සරයක් භාවිතා කර බලන්න.

profile card

ලබා දී ඇති මෙම සිංහල උපසිරැසි සඳහා
දේවාදිත්‍ය සහෝදරයාට ස්තූතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් සියල්ල ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Joined Date: Nov 06, 2020


35
Total Subtitles

Check Also

Heirs of the night overlay-icon

Heirs of the Night (2019) [S02: E06] Sinhala Subtitles | අන්තිම කෙනා ‍| සිංහල උපසිරැසි සමඟ

ඔන්න එහෙනම් 6 වෙනි කොටසත් අරන් ආවා. අපි බලමු පසුගිය කොටසෙ මොකද වුණේ කියලා. කලින් කොටසෙදි ඔයාල දැක්කා

Leave Reply

4 Comments

  1. Hashan
    Jun 17, 2021 at 01:07 am

    Thank you

  2. Sanjaya
    May 24, 2021 at 10:02 am

    Thanks!

  3. Ruwan Prasad
    May 23, 2021 at 12:02 am

    ස්තූතියි.

  4. Supun Kaushalya
    May 22, 2021 at 08:45 pm

    තෑන්ක්ස් සහෝ