ඔන්න එහෙනම් 11 වෙනි කොටසත් අරන් ආවා. අපි බලමු පසුගිය කොටසෙ මොකද වුණේ කියලා.
පසුගිය කොටසින්
පසුගිය කොටසෙදි යුද්ධය අතරතුර වැන් හෙල්සින්ග් ඩ්‍රැකියුලට රිදී උණ්ඩයකින් වෙඩි තියනවා. ඉතින් මේකෙන් ඩ්‍රැකියුලා අඩපණ වෙන අතර ඒත් එක්කම ඇලීසත් සිහිනැතිවෙලා වැටෙනවා. ඒ නිසා මෙයාලට පසුබහින්න සිද්ධ වෙනවා. ඒකත් එක්කම වැන් හෙල්සින්ග් යූපිරි වංශයයි, මැණික් ටිකකුයි, මැල්කම් සහ ජොඈනවයි අරගෙන යනවා. ඇලීසව සහ ඩ්‍රැකියුලාව නැවතත් නැවට අරන් ඇවිත් එයාලව සනීප කරන්න උත්සහ කරනවා. ලාර්ස් ඇලීසගෙ මනසට යන්න උත්සහ කළත් එයාට ඒක කරන්න බැරි වෙනවා. මොකද මේ වෙලාවෙදි ඩ්‍රැකියුලගෙ සහ ඇලීසගෙ මනසවල් එකට එකතු වෙලා තියෙන්නෙ. මේ නිසා ඇලීසට ඩ්‍රැකියුලාගෙ මනස දකින්න පුළුවන් වෙනවා. ඒකෙදි එයා දැනගන්නවා ඩ්‍රැකියුලා යක්ෂයත් එක්ක ගනුදෙනුවකට ආවෙ ඇයි කියලත්. ඉතින් ඔය අතරතුර ටැමෝ නැවෙන් එළියට ඇවිත් වැන් හෙල්සින්ග්ව හම්බවෙන්න යනවා. ඒ මැල්කම්වයි ජොඈනවයි බේරගන්න කියල හිතාගෙන. නමුත් එතනදි වැන් හෙල්සින්ග් ටැමෝට යෝජනාවක් කරනවා ඒ තමයි මැණික් කැට තුන වෙනුවට සිතියමයි, මැල්කම්වයි, ජොඈනවයි දෙනව කියලා. කොහොම හරි ඔය අතරතුරදි ඇලීසට පුළුවන් වෙනවා ඩ්‍රැකියුලත් එක්ක එකඟතාවයකට එන්න. ඊට පස්සෙ ඒ දෙන්නම නැවතත් අවදි වෙනවා. ඔන්න ඔය දේවල් තමයි සිද්ධ වුණේ.
අද කොටසින්
ටැමෝ ඇවිත් එයාට වැන් හෙල්සින්ග් දුන්න ගනුදෙනුව ගැන අනිත් අයට කිව්වට පස්සෙ එයාල තීරණය කරනවා කොහොම හරි ඒ මාර්ගයෙන් මැණික් ටිකයි සිතියමයි යාළුවො දෙන්නවයි බේරගන්න. ඉතින් ඒකට මෙයාල හොඳ සැලැස්මක් හදනවා. ඒ වගේම වැන් හෙල්සිනුත් එයාලට උඟුලක් අටවල තියෙන්නෙ. ඉතින් ඇලීස ඇතුලු පිරිසට සිතියමයි, මැණික් ටිකයි, මැල්කම් සහ ජොඈනවයි ආපහු ගන්න පුළුවන් වෙයිද? ඩ්‍රැකියුලා ඇත්තටම ඇලීසත් එක්ක එකතු වෙලා සටන් කරයිද?
එහෙනම් නැවතත් ඊළඟ කොටසින් හමුවෙමු.
සුබ දවසක්!!!
Due to copyright issues we do not provide any torrent links
උපසිරැසි ෆයිල් බාගත නොවේනම් 1. ඔබ Internet Download Manager(Idm) භාවිතා කරන්නේ නම් Google Chrome බ්‍රව්සරය භාවිතා කරමින් Alt යතුර සමඟ භාගත කිරීමේ ලින්ක් එක ක්ලික් කරන්න. 2. වෙනත් බ්‍රව්සරයක් භාවිතා කර බලන්න.

ලබා දී ඇති මෙම සිංහල උපසිරැසි සඳහා
දේවාදිත්‍ය
සහෝදරයාට ස්තූතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් සියල්ල ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Joined Date: Nov 06, 2020
Thank you
ස්තූතියි!
Thanks!
තෑන්ක්ස් සහෝ