Addvertisement Second
Heirs of the night

Heirs of the Night (2019) [S02: E12] Sinhala Subtitles | ගුහාව සොයා තරඟයක ‍| සිංහල උපසිරැසි සමඟ

2019 Year
- Length
7.1 Imdb

ඔන්න එහෙනම් 12 වෙනි කොටසත් අරන් ආවා. අපි බලමු පසුගිය කොටසෙ මොකද වුණේ කියලා.

පසුගිය කොටසින්

කලින් කොටසෙදි ඉන්ගර් අයිවිට කියාදෙන්න උත්සහ කරනවා හිටපු නොයිඩි කොහොමද ස්භාදහමත් එක්ක සම්බන්ධ වුණේ කියලා. ඔය අතරතුර නිකූයි එයාගෙ අම්මයි වැන් හෙල්සින්ග් ඉන්න දිහාට ගිහින් වට පිටාව පරීක්ෂා කරල බලනවා එතන මොකක් හරි වාසියක් තියෙද කියල බලන්න. ඉතින් එතනදි එයාල දැනගන්නවා එක පැත්තක ආරක්ෂාව ටිකක් අඩුයි කියලා. ඉතින් මේ ගැන මෙයාල ඇලීස ඇතුලු කට්ටියට ඇවිත් කියනකොට ඩ්‍රැකියුලා දැන ගන්නවා ඒක වැන් හෙල්සින්ග් හිතාමතාම කරපු දෙයක් කියලා. ඔය අතරෙදි මැල්කම්ට වයස 18 සම්පූර්ණ වෙලා තියෙන නිසා එතන ඉන්න රතු මුඛවාඩම් සාමාජිකයෙක්ට බල කරල සිතියම ගෙන්න ගන්නවා. ඉතින් මෙයාලට මේක කොපි කරගන්න එකක් නැති නිසා එයාල ඒක මතක තියාගන්නවා. ඒ වගේම තමයි ඩ්‍රැකියුලා අලුත් සැලැස්මක් හදනවා වැන් හෙල්සින්ගෙන් මැණික් ටිකයි සිතියමයි යාලුවො දෙන්නවයි බේරගන්න. නමුත් අනිත් අය ඩ්‍රැකියුලාව විශ්වාස නොකරන නිසා එයා, එයා ගාව තියෙන කැමිනාඩා මැණික ඇලීසට දෙනවා. ඔයාලට මතක ඇති කැමිනාඩා මැණිකෙන් තමයි නොපෙනී යාමේ බලය ලැබෙන්නෙ. ඉතින් ඔය අතරෙම ඩ්‍රැකියුලා කොහොම හරි සිතියමේ යතුර පිටපත් කරගන්න සමත් වෙනවා. ඊට පස්සෙ හැමෝම වැන් හෙල්සින්ග් එක්ක සටනට පිටත් වෙනවා. එතන ඇතිවෙන සටනෙදි අයිවි කොහොම හරි තමන්ගෙ බලය හොයා ගන්නවා. ඒ වගේම සටන අවසන් වෙනකොට ඩ්‍රැකියුලා මැණික් ටිකයි සිතියමයි අරගෙන එතනින් පැනල යනවා.

අද කොටසින්

ඩ්‍රැකියුලා සිතියමයි, ඒකෙ යතුරයි අරගෙන යනකොට ඇලීස එයාගෙ මනසට ඇවිත් කියනවා ඒ තිබුණෙ ඇත්තම යතුර නෙමෙයි කියලා. ඉතින් ඒත් එක්කම මැල්කම් සහ ජොඈනා සිතියම මතකෙන් ඇන්දට පස්සෙ එයාලට ගුහාව තියෙන තැන හොයා ගන්න පුළුවන් වෙනවා. ඩ්‍රැකියුලට ගුහාව තියෙන තැන හොයාගන්න පුළුවන් වෙයිද? ඇලීස එතනට ඩ්‍රැකියුලට කලින් යයිද? එතනදි එයාලට මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙයිද?

එහෙනම් නැවතත් අවසන් කොටසින් හමුවෙමු.

සුබ දවසක්!!!

ලබා දී ඇති උපසිරැසිය
Web
පිටපත් සඳහා ගැලපේ
Download|1090

උපසිරැසි ෆයිල් බාගත නොවේනම් 1. ඔබ Internet Download Manager(Idm) භාවිතා කරන්නේ නම් Google Chrome බ්‍රව්සරය භාවිතා කරමින් Alt යතුර සමඟ භාගත කිරීමේ ලින්ක් එක ක්ලික් කරන්න. 2. වෙනත් බ්‍රව්සරයක් භාවිතා කර බලන්න.

profile card

ලබා දී ඇති මෙම සිංහල උපසිරැසි සඳහා
දේවාදිත්‍ය සහෝදරයාට ස්තූතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් සියල්ල ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Joined Date: Nov 06, 2020


35
Total Subtitles

Check Also

Heirs of the night overlay-icon

Heirs of the Night (2019) [S02: E09] Sinhala Subtitles | සිතියමේ ගනුදෙනුව ‍| සිංහල උපසිරැසි සමඟ

හොඳයි ඔන්න එහෙනම් 9 වෙනි කොටසත් අරන් ආවා. අපි බලමු පසුගිය කොටසෙ මොකද වුණේ කියලා. ඉතින් ඔයාල දැක්කත් වගේ

Leave Reply

5 Comments

  1. Hashan
    Jun 17, 2021 at 01:04 am

    Thank you

  2. Ruwan Prasad
    May 26, 2021 at 09:27 am

    ස්තූතියි.

  3. Sanjaya
    May 26, 2021 at 05:39 am

    Thanks!

  4. Supun Kaushalya
    May 26, 2021 at 12:46 pm

    තෑන්ක්ස් සහෝ

  5. Gayan harsha
    May 25, 2021 at 11:10 am

    Good job
    Ilaga kotasath onee..👍👍