ඔන්න එහෙනම් 13 වෙනි කොටස ඒ කියන්නෙ මේ කතා සමයෙ අවසන් කොටසත් අරන් ආවා. මේ වන විට මේ කතා මාලාවේ Season 2 ක් පමණයි ඇවිත් තියෙන්නෙ. හැබැයි මේ කතා සමය අවසන් වෙන විදියට නන් තවත් Season එකක් එන්න ඕනි. හැබැයි තාම නන් ඒ ගැන සදහනක් නෑ. ඉතින් තුන්වෙනි කතා සමයකුත් විකාශය වුනොත් ඒකට උපසිරැසි දෙන්න උත්සහ කරන්නම්. එහෙනම් අපි බලමු පසුගිය කොටසෙ මොකද වුණේ කියලා.
පසුගිය කොටසින්
ඩ්‍රැකියුලා සිතියමයි ඒකෙ යතුරයි අරගෙන යන අතරතුර ඇලීස එයාගෙ මනසට ඇවිත් ඩ්‍රැකියුලට කියනව ඒ තියෙන්නෙ ඇත්තම යතුර නෙමෙයි කියලා. ඉතින් ඊට පස්සෙ මැල්කම් සහ ජොඈන මතක තියාගෙන හිටිය සිතියම ඇඳල ඒකෙන් එයාල ගැටය තියෙන තැන හොයා ගන්නවා. ඔය අතරතුර ඩ්‍රැකියුලාගෙ බිරිඳ එළිසබීතා ඇවිත් ඩ්‍රැකියුලට කියල දෙනව ගැටය තියෙන තැන හොයා ගන්න විදිය. ඇලීස කට්ටියත් එක්ක ගැටය තියෙන දිහාවට නැවෙන් යාත්‍රා කරමින් ඉන්නකොට එයාට පුළිඟුව හරහා දැකගන්න ලැබෙනවා ඩ්‍රැකියුලා ඒ වෙනකොටත් එතනට ගිහින් කියලා. ඉතින් මෙයාලත් පුළුවන් තරම් ඉක්මණට එතනට යන්න පටන් ගන්නවා. එයාලට එතනට යන මාර්ගයෙදි මුලින්ම හම්බවෙන්නෙ කුරුස වලින් පිරුණු මාර්ගයක් හැබැයි මේ කුරුස එතන තියල තියෙන්නෙ එතනට එන පිසාචයින්ව බය කරල පලවා හරින්න විතරයි. ඇත්තටම ඒවායින් පිසාචයින්ට මුකුත් වෙන්නෙ නෑ. ඉතින් ඇලීස ඒක තේරුම් අරන් එතනින් එහාට යනවා. ඊට පස්සෙ ගුහාවට ඇතුලු වුණාට පස්සෙ හම්බවෙන්නෙ කණ්ණාඩි තියෙන තැනක්. එතනට ඒ වෙනකොටත් ඩ්‍රැකියුලා ඇවිත් එයා එතන ගල් වෙලා ඉන්නවා. අවසානයෙදි මේ කණ්ණාඩි දිහා බලන් ඉන්නකොට තමන්ගෙම ඡායාව ඇවිත් මෙයාලවත් කණ්ණාඩි ඇතුලට ඇදල ගන්නවා.
අද කොටසින්
අද කොටසෙදි ඔයාලට බලා ගන්න පුළුවන් ඇලීස ඇතුලු පිරිසට මුහුණ දෙන්න වෙන අනිත් පරීක්ෂණ මොනවද කියලා. ඒ වගේම ඇලීස කරපු පෙර වැරදි වලින් එයා කවුද කියන එකත් එයා තේරුම් ගන්නවා. ඉතින් ඇලීස සහ ඩ්‍රැකියුලා අතරින් කවුරු මේ පරීක්ෂණ සමත් වෙලා ගැටය ගාවට යයිද? ඒ වගේම මේ දෙන්න අතරින් කවුරු ඉස්සෙල්ල ගැටය ලිහයිද? ඇත්තටම ගැටය ලිහුවට පස්සෙ මෙයාලට මොකක් වෙයිද? ඔන්න එහෙනම් ඒ දේවල් වලටත් උත්තර හොයාගන්න කියන ගමන්ම මේ කතා මාලාව මෙතනින් අවසන් වෙනවා.
එහෙනම් නැවතත් තවත් උපසිරැසියකින් හමුවෙමු.
සුබ දවසක්!!!
මෙම කතා මාලාවට අදාල වීඩියෝ පිටපත මෙතනින් ලබා ගත හැක.
Due to copyright issues we do not provide any torrent links
උපසිරැසි ෆයිල් බාගත නොවේනම් 1. ඔබ Internet Download Manager(Idm) භාවිතා කරන්නේ නම් Google Chrome බ්‍රව්සරය භාවිතා කරමින් Alt යතුර සමඟ භාගත කිරීමේ ලින්ක් එක ක්ලික් කරන්න. 2. වෙනත් බ්‍රව්සරයක් භාවිතා කර බලන්න.

ලබා දී ඇති මෙම සිංහල උපසිරැසි සඳහා
දේවාදිත්‍ය
සහෝදරයාට ස්තූතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් සියල්ල ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Joined Date: Nov 06, 2020
Thank you මචං
Thanks saho niyamai!
panic 2021 tv series ekata sub gennako
ස්තූතියි.
Thanks!
තෑන්ක්ස් සහෝ පට්ට සීරිස් එකක් තුන්වෙනි කතාසමයක් ආවොත් ඒකටත් සබ් දෙන්න
Thanks ..dewa 👍👍