හොඳයි ඔන්න මන් අද අරන් ආවේ බැංකු මංකොල්ලයක් ගැන තියෙන චිත්‍රපටයක්. ඒ තමයි Inside Man Most Wanted (2019) කියන චිත්‍රපටිය. මෙවැනි චිත්‍රපට ඉතාමත් ඉක්මණින්ම ජනප්‍රිය වෙනවා මොකද මෙවැනි චිත්‍රපටවල තියෙන සැලසුම් සහගත මංකොල්ල කෑම් නිසා. ඉතින් මේකත් ඒ වගේ ඉතාමත් අපූරුවට සැලසුම් කරල සිදු කරන මංකොල්ලයක් ගැන තමයි තියෙන්නෙ. මේකෙ මීට කලින් 2006 දි චිත්‍රපටියක් ඇවිත් තියෙනවා හැබැයි ඒක බැලුවෙ නෑ කියල එච්චර අවුලක් වෙන්නෙ නෑ. පුළුවන් නන් ඒක බලපු නැති අය ඒකත් හොයාගෙන බලන්න.
මේකෙ IMDb අගය නන් 5.6 වගේ තමයි තියෙන්නෙ. ඒ වගේම Rotten Tomatoes අගය 37% වගේ තමයි වෙන්නෙ. මේ අගයන් ගැන එච්චර හිතන් නැතුව බලන්න කියලා මන් ඔයාල හැමෝටම ආරාධනා කරනවා. මොකද මේක ඊට වඩා අගයන් අතින් වැඩි වෙන්න ඕනි කියල තමයි මන් නන් හිතන්නෙ. මෙය නිකුත් වෙලා තියෙන්නෙ 2019 සැප්තැම්බර් 24 වෙනිදා. මෙහි නළු නිළියන් වශයෙන් Raxanne McKee (Ariella Barash), Rhea Seehorn (Dr. Brynn Stewart), Aml Ameen (Remy Darbonne) යන අය කටයුතු කරනවා. කතාව ගැන නන් ඇත්තටම ලොකුවට විස්තර කරන්න අවශ්‍ය නෑ. මොකද මේක බලලම තමයි තේරුම් ගන්න ඕනි.
කතාව ගැන පොඩි දෙයක් කිව්වොත් මේක බැංකුවෙ තියෙන රත්තරන් හොරකම් කරන විදිය ගැන තමයි තියෙන්නෙ. ඒකත් නිකන් බැංකුවක් නෙමෙයි ෆෙඩරල් සංචිත බැංකුවෙ තියෙන රත්තරන් තමයි මෙයාල මේ විදියට හොරකම් කරන්නෙ. මේකෙ අවසානෙ වෙනකන්ම ඇත්තටම මොකක්ද වෙන්නෙ කියල තේරුම් ගන්න අමාරුයි. මොකද විවිධ නොමග යැවීම් වලින් සමන්විත චිත්‍රපටයක් මේක ඒ නිසා බලන අපටත් එක පාරටම තේරුම් ගන්න අමාරුයි ඇත්තටම මොකක්ද වෙන්නෙ කියලා. අරියෙල්ලා බරාෂ් තමයි මෙහි මහ මොළකරු විදියට කටයුතු කරන්නෙ. ඉතින් ඇයට මේ ෆෙඩරල් සංචිතයෙ තියෙන රත්තරන් එළියට අරන් පැනල යන්න පුළුවන් වෙයිද? මෙයට මුහුණදෙන නිළධාරීන්ට මෙම නොමඟ යැවීම් තේරුම් ගන්න පුළුවන් වෙයිද? එහෙනම් ඉතින් මේ චිත්‍රපටිය බලලම ඒවට උත්තර හොයා ගන්න. නැවතත් තවත් උපසිරැසියකින් හමුවෙමු! සුබ දවසක්!!!
Due to copyright issues we do not provide any torrent links
උපසිරැසි ෆයිල් බාගත නොවේනම් 1. ඔබ Internet Download Manager(Idm) භාවිතා කරන්නේ නම් Google Chrome බ්‍රව්සරය භාවිතා කරමින් Alt යතුර සමඟ භාගත කිරීමේ ලින්ක් එක ක්ලික් කරන්න. 2. වෙනත් බ්‍රව්සරයක් භාවිතා කර බලන්න.

ලබා දී ඇති මෙම සිංහල උපසිරැසි සඳහා
දේවාදිත්‍ය
සහෝදරයාට ස්තූතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් සියල්ල ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Joined Date: Nov 06, 2020
dl karanne kohomaa
Thanks bro. American Badger 2021 film ekata su dennako pls.
Thanks!!!
නියමයි බ්‍රෝ!
තෑන්ක්ස් සහෝ
Thank you මචං