Addvertisement Second
Rich in Love

Rich In Love (2020) Sinhala Subtitles | තක්කාලි කුමාරයා ‍| සිංහල උපසිරැසි සමඟ

2020 Year
1h 44m Length
5.8 Imdb

ඔන්න මන් මේ පාර අරන් ආවෙ වෙනත් භාෂාවක චිත්‍රපටයක්. ඒ තමයි Rich in Love (2020) කියන බ්‍රසීලියානු චිත්‍රපටය. මේකෙ Imdb අගය 5.8/10 ක් වෙනවා. ඒ වගෙම් Rotten Tomatoes අගය 57% වෙනවා. පැයකුත් විනාඩි 44 ක් පුරාවට දිවෙන මෙම චිත්‍රපටය මුලින්ම තිරගත වෙලා තියෙන්නෙ 2020 අප්‍රේල් 30. මෙහි අධ්‍යක්ෂණය Bruno Garoti විසින් සිදු කරල තියෙනවා. මෙහි භාෂාව පෘතුග්‍රීසි. ප්‍රධාන රංගන ශිල්පීන් විදියට Giovanna Lancelloti, Danilo Mesquita, Fernanda Paes Leme, Jaffar Bambirra වැනි අය දායක වෙලා තියෙනවා. මේ අයව නන් ඇත්තටම අපිට එච්චර හුරු පුරුදු අය නෙමෙයි. මොකද බ්‍රසීලියානු වැනි චිත්‍රපට අපට දකින්න ලැබෙන අවස්ථාව හරිම අඩු නිසා. මේ චිත්‍රපටයත් Netflix සමාගම විසින් බෙදාහරින එකක්. හැමෝම දන්නවා මේ වෙනකොට Netflix සමාගම ලෝකෙ හැම රටකම වගේ තමන්ගෙ නිෂ්පාදන සිදු කරනවා කියලා. හොඳයි එහෙනම් අපි දැන් පොඩ්ඩක් කතාව ගැන බලමු.

ටේටෝ කියන්නෙ බ්‍රසීලයේ රියෝ වලට ටිකක් ඈතින් පිහිටි විශාල තක්කාලි ගොවිපළක අයිතිකාරයෙක්ගෙ පුතෙක්. මෙයාට කිසිම අඩු පාඩුවකින් තොරව සියලු සැප සම්පත් ලැබිල තියෙනවා. ඉතින් ඒ නිසාම මෙයා බොහොම සෙල්ලක්කාර ජීවිතයක් තමයි ගත කරන්නෙ. ටේටෝගෙ හොඳම යාළුවා ඊගෝර්. ඊගෝර් කියන්නෙ තක්කාලි ගොවිපළේ මුරකාරයගෙ පුතා. එහෙම වුණත් මේ දෙන්න හොඳ යාලුවො විදියට තමයි ඉන්නෙ. ඉතින් ටේටෝගෙ උපන්දිනේ දවසෙදි ඊගෝර් ටේටෝට කියනවා එයාට මේ හැම දෙයක්ම ලැබෙන්නෙ, එයාට හැමෝම ගෞරව කරන්නෙ එයාගෙ තියෙන තත්වය නිසා කියල. ඇත්තටම තමන් කවුද කියල දැනගන්න ඕනි නන් එයාට තමන්ගෙ නම අයින් කරල බලන්න වෙනවා කියනවා. ඉතින් ඊට පස්සෙ ටේටෝ තීරණය කරනවා සාමාන්‍ය පුද්ගලයෙක් විදියට ජීවත් වෙලා බලන්න. ටේටෝගෙ උපන්දිනේ දවසෙදි එයාට පෝලව මුණ ගැහෙනවා. හැබැයි ටේටෝ එයාට කියන්නෙ තමන් ගොවිපළේ මුරකාරයගෙ පුතා කියලා. පෝලත් එක්ක කතා බහ කරන අතරතුර ටේටෝ දැනගන්නවා එයා ඉන්න රියෝ වල කියලා. ඉතින් ටේටෝටත් ඕනි වෙනවා රියෝ වල තියෙන එයාලගෙ සමාගමේ තනතුරක් වෙනුවෙන් සාමාන්‍ය විදියට අයදුම් කරන්න. ඉතින් ටේටෝ ඊගෝර්වත් එක්ක ගෙන එහෙට යනවා. එහෙදි ඇත්තටම ටේටෝව කවුරුවත් අඳුරන්නෙ නෑ. ඒ නිසා මේ දෙන්න නම් දෙක මාරු කරගෙන තමයි ඉන්නෙ. ඉතින් ටේටෝට මේ රැකියාව ගන්න පුළුවන් වෙයිද? එහෙදි පෝලාට කරපු බොරුව එයාට අහුවෙයිද? කිසිම දෙයක් නොදන්න සෙල්ලක්කාර ජීවිතයක් ගත කරපු ටේටෝව සාර්ථක වෙන්න පුළුවන් වෙයිද? එහෙනම් ඉතින් ඔයාල මේක අරගෙනම බලන්න.

ඔයා වෙන කෙනෙක් මත යැපෙනවා කියන්නෙ,
ඔයා ඔයාවම නිෂ්ඵල කරගන්නවා කියන එක.

එහෙනම් නැවතත් තවත් උපසිරැසියකින් හමුවෙමු. සුභ දවසක්!!!

ලබා දී ඇති උපසිරැසිය
WebRip
පිටපත් සඳහා ගැලපේ
Download|2190

උපසිරැසි ෆයිල් බාගත නොවේනම් 1. ඔබ Internet Download Manager(Idm) භාවිතා කරන්නේ නම් Google Chrome බ්‍රව්සරය භාවිතා කරමින් Alt යතුර සමඟ භාගත කිරීමේ ලින්ක් එක ක්ලික් කරන්න. 2. වෙනත් බ්‍රව්සරයක් භාවිතා කර බලන්න.

profile card

ලබා දී ඇති මෙම සිංහල උපසිරැසි සඳහා
දේවාදිත්‍ය සහෝදරයාට ස්තූතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් සියල්ල ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Joined Date: Nov 06, 2020


35
Total Subtitles

Check Also

Rich in Love overlay-icon

Heirs of the Night (2019) [S02: E13] Sinhala Subtitles | ගැටය ලිහා දැමිය යුතු කෙනා ‍| සිංහල උපසිරැසි සමඟ

ඔන්න එහෙනම් 13 වෙනි කොටස ඒ කියන්නෙ මේ කතා සමයෙ අවසන් කොටසත් අරන් ආවා. මේ වන විට මේ කතා මාලාවේ Season 2

Leave Reply

5 Comments

  1. Sahan
    Jul 02, 2022 at 10:00 pm

    Film ek download krnn bad

  2. Hashan
    Aug 12, 2021 at 12:13 am

    Thank you

  3. Ruwan Prasad
    Aug 10, 2021 at 05:43 am

    ස්තූතියි!

  4. Supun Kaushalya
    Aug 09, 2021 at 11:31 pm

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. Sanjaya
    Aug 09, 2021 at 05:14 pm

    Thanks!