ඔන්න මන් මේ පාර අරන් ආවෙ නන් රුසියානු චිත්‍රපටියක්. ඒ තමයි Robo 2019 කියන චිත්‍රපටිය. මේක අයත් වෙන්නෙ Adventure/Family කියන කැටගරි එකට. මේකෙ Imdb අගය 5.3 වෙනවා. ඒ වගේම ගූගල් පරිශීලකයින්ගෙ කැමැත්ත 68% කුත් ලබා ගෙන තියෙනවා. පැයකුත් විනාඩි 30ක් පුරාවට දිවෙන මේ චිත්‍රපටිය 2019 ඔක්තොම්බර් 31 රුසියාවෙදි මුලින්ම තිරගත කිරීම ආරම්භ කරල තියෙනවා. මෙහි අධ්‍යක්ෂණය Sarik Andreasyan විසින් සිදු කරල තියෙනවා. ප්‍රධාන රංගන ශිල්පීන් විදියට Daniil Izotov, Sergey Bezrukov, Maria Mironova, Irina Temicheva වැනි අය රංගනයෙන් දායක වෙනවා. දැන් එහෙනම් කතාව පැත්තට හැරෙමු.
පරීක්ෂණාගාරයක් තුළදී කෘතිම බුද්ධියක් සහිත රොබෝ කෙනෙක්ව නිර්මාණය කරනවා. මෙම රොබෝව නිර්මාණය කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ අනතුරට පත්වී සිටින පුද්ගලයින් එම ස්ථාන වලින් බේරගැනීම සඳහායි. නමුත් මෙම රොබෝව ප්‍රායෝගිකව පරීක්ෂා කිරීමේදී එයාගෙ තිබෙන දෝෂ කිහිපයක් නිසා මෙම රොබෝව අනුමත වෙන්නෙ නෑ. ඉතින් කොහොම හරි ඔය අතරතුර රොබෝ එයාගෙ නිර්මාණ කරුවන්ගෙන් අහනවා පවුල ගැන විස්තර. ඊට පස්සෙ මෙයාට ඕනි වෙනවා එයාගෙ පවුල හොයාගන්න. ඒ කියන්නෙ මෙයාව හදපු අයගෙ පවුල. ඉතින් මෙයා කොහොම හරි පර්යේෂණාගාරයෙන් පැනල යනවා පවුල හොයන්න. ඒ යනකොට එයා ලැබ් එකේ තිබුණ ෆොටෝ එකකුත් අරන් තමයි යන්නෙ. ඉතින් අන්තිමට රොබෝ එයාව හදපු අයගෙ ගෙදරට යනවා. එහෙ ගිහින් ඉන්නකොට එයාව හදපු අයගෙ පුතා ගෙදරට එනවා එයා තමයි මිට්ජා. මිට්ජා කියන්නෙ අනිත් අයට වඩා වෙනස් විදියට වැඩ කරන කෙනෙක්. එයාට රොබෝව හම්බවෙලා රොබොත් එක්ක යාළු වෙනවා. ඔය අතරතුර රුසියානු ආරක්ෂක අංශ රොබෝව හොයල එයාව විනාශ කරන්න කියල ආරක්ෂක අංශ වලට නියෝග කරනවා. ඉතින් රොබෝට මිට්ජත් එක්ක එකතු වෙලා පැනල යන්න පුළුවන් වෙයිද? නැත්තන් එයාව හොයාගෙන විනාශ කරල දායිද? පැනල යන අතරතුර එයාලට මොනවගේ දේවල් වලට මුහුණ දෙන්න වෙයිද? හොඳයි එහෙනම් ඒවට උත්තර මේක බලලම හොයාගන්න කියල ආරාධනා කරනවා.
එහෙනම් නැවතත් තවත් උපසිරැසියකින් හමුවෙමු. සුභ දවසක්!!!
Due to copyright issues we do not provide any torrent links
උපසිරැසි ෆයිල් බාගත නොවේනම් 1. ඔබ Internet Download Manager(Idm) භාවිතා කරන්නේ නම් Google Chrome බ්‍රව්සරය භාවිතා කරමින් Alt යතුර සමඟ භාගත කිරීමේ ලින්ක් එක ක්ලික් කරන්න. 2. වෙනත් බ්‍රව්සරයක් භාවිතා කර බලන්න.

ලබා දී ඇති මෙම සිංහල උපසිරැසි සඳහා
දේවාදිත්‍ය
සහෝදරයාට ස්තූතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් සියල්ල ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Joined Date: Nov 06, 2020
නියමයි මචන්, කොලිටියට තියනව!
Thank you
ස්තූතියි.
තෑන්ක්ස් සබ් එකට සහෝ
Thanks!