ඔන්න අද මම අරගෙන ආවෙ නත්තල් සම්බන්ධ කතාවක්. ඒ තමයි The Christmas Chronicles 2 (2020). ඇත්තටම මීට කලින් මේකෙ තවත් කොටසක් ඇවිත් තියෙනවා. හැබැයි ඉතින් ඒක බැලුවෙ නෑ කියල එච්චර අවුලක් වෙන්නෙ නෑ. මොකද මේක කලින් කතාවත් එක්ක ගොඩාක් ලොකු සම්බන්ධයක් නෑ. ඉතින් මේක NETFLIX ආයතනය මඟින් තමයි ඔයාලට අරන් එන්නෙ. මේ චිත්‍රපටිය තිරගත වෙලා තියෙන්නෙ 2020 නොවැම්බර් 18. මේක අයත් වෙන්නෙ Comedy/Family කියන කාණ්ඩයට. ඒ වගේම මේකෙ Imdb අගය 6/10 කුත් Rotten Tomatoes හි අගය 69% ක් වෙනවා.
මෙහි ප්‍රධාන රංගන ශිල්පීන් විදියට Kurt Russell, Julian Dennison, Goldie Hawn, Darby Camp යන පිරිස දායක වෙනවා. හොඳයි එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමු.
කේට් පියර්ස්ගෙ අම්ම එයාගෙ අලුත් පෙම්වතත් එක්ක බීච් එහෙක නත්තල ගතකරන්න ගිහින් ඉන්න මොහොතක කේට්ට හිතෙනවා මේක තමයි එයාට තිබුණ නරකම නත්තල කියලා. ඉතින් එයා හදන්නෙ හැමෝගෙන්ම ඈත්වෙලා ගිහින් තනියම නත්තල සමරන්න. මේ අතර බෙල්ස්නිකල් කියල කෙනෙක් උත්සහ කරනවා නත්තල් සීයගෙ ගමට ගිහින් නත්තල් තරුව අරන් ඇවිත් නත්තල කඩාකප්පල් කරන්න. එයාට ඕනි එයාගම කියල නත්තල් ගම්මානයක් හදාගෙන නත්තල් සීයා වගේ ජනප්‍රිය වෙන්න. ඉතින් එයා කොහොමහරි කේට්ගෙ මාර්ගයෙන් නත්තල් සීයගෙ ගමට යනවා. ඒ ගිහින් එහෙ ඉන්න එල්ෆ්ලට වස වර්ගයක් දීලා නත්තල් තරුවත් අරන් එන්න හදනකොට නත්තල් සීයත් එක්ක ඇතිවෙන ගැටුමකින් තරුව විනාශ වෙනවා. මේ තරුවෙන් තමයි සම්පූර්ණ ගමට බලය ලබා දෙන්නෙ. ඉතිං මේ තරුව නැතුව නත්තල විනාශ වෙයිද? නැත්තන් ආයි තරුවක් හදාගනීද? එතකොට එල්ෆ්ලට දීපු විස වලින් මොනව වෙයිද? මේ දේවල් ආපහු හරිගස්ස ගන්න කේට් ඇතුලු පිරිස මොනව කරයිද? මේ ප්‍රශ්න ඔක්කොටම විසදුම ඔයාලට චිත්‍රපටිය නැරඹීමෙන් හොයා ගන්න පුළුවන් වෙයි. මේ උපසිරැසි හරිනන් නත්තල් දවස්වල තමයි දෙන්න තිබ්බෙ ඒත් ඉතින් දැන් තමයි දෙන්න පුළුවන් වුනේ. එහෙනම් නැවත තවත් උපසිරැසියකින් හමුවෙමු.
හැමෝටම සුබ දවසක්!!!
Due to copyright issues we do not provide any torrent links
උපසිරැසි ෆයිල් බාගත නොවේනම් 1. ඔබ Internet Download Manager(Idm) භාවිතා කරන්නේ නම් Google Chrome බ්‍රව්සරය භාවිතා කරමින් Alt යතුර සමඟ භාගත කිරීමේ ලින්ක් එක ක්ලික් කරන්න. 2. වෙනත් බ්‍රව්සරයක් භාවිතා කර බලන්න.

ලබා දී ඇති මෙම සිංහල උපසිරැසි සඳහා
දේවාදිත්‍ය
සහෝදරයාට ස්තූතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් සියල්ල ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Joined Date: Nov 06, 2020
ස්තූතියි!
Thank you mcn! hoya hoya hitapu sub ekak. puluwan nam meeke 1 eke sub ekath denna.
Good job Keep it up!
Ela ela mcn!
good job bro!