මේ චිත්‍රපටිය Animation, Adventure, Drama යන කාණ්ඩවලට අයත් නිර්මාණයකි. මීට අවුරුදු 26 කටත් කළින් නිර්මාණයවූ කාටුන් චිත්‍රපටියක ප්‍රතිනිර්මාණයක් විදිහට මෙය එළිදක්වල තියනව. මම දකින විදිහට නම්, මේ චිත්‍රපටියට ලොකුම වටිනා කමක් එකතුවෙලා තියෙන්නෙ මේක නිර්මාණය කිරීමට පාදක කරගත් මුල් චිත්‍රපටයයි. මුල් චිත්‍රපටිය ගැන මම මෙහෙම කියන්නම්,
චිත්‍රපටිය නිර්මාණය වුනේ 1994 ජූනි 24 වනදා
මෙය oscar සම්මාන 2 කින් පිදුම් ලැබුව. (චිත්‍රපටියකට ලබන්න පුලුවන් ඉහළම සම්මානය)
වෙනත් සම්මාන/ජයග්‍රහන 35ක් දිනාගත්ත.
ලොවපුරා තවත් සම්මාන /ඇගයීම් 35 කට නිර්දේශ වුනා.
IMDB Rating 8.5 ක් වැනි ඉතා ඉහල අගයක් ලබා ඇත (සියලූම චිත්‍රපට අතරින් 34 වන ස්ථානය)
මෙය දෙවනියට වැඩිම IMDB අගයක් ලබාගත් කාටුන් චිත්‍රපටියයි.
මුල් නිර්මාණය මෙහෙම නම් නවතාක්ෂනය යොදාගනිමින් සංස්කරනය කොට ප්‍රතිනිර්මාණය කරන ලද මේ චිත්‍රපටිය ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕන්නෑනෙ. ඔයාලගෙම වචනෙන් කියනවනම් සුපිරිම ෆිල්ම් එකක්.
මේ චිත්‍රපට අධ්‍යක්ෂනය කළේ Jon Favreau නම් අධ්‍යක්ෂකවරයා විසිනි.මෙය 6.9 ක් වැනි IMDB අගයක් ලබා ඇති අතර ඔස්කාර් සම්මානයට පවා නිර්දේශවී තිබෙනවා. මේක ආදායම අතින් නම් Boxoffice වාර්ථා පිට වාර්ථා තැබූ චිත්‍රපටියක්. Alltime Boxoffice list එකේ 5 වන ස්ථානයත්, කාටුන් චිත්‍රපට අතරින් දෙවනියට හොදම Boxoffice වාර්තාව අයිති මේ චිත්‍රපටියයි. එහෙනම් කථාව පැත්තට හැරෙමු.
ප්‍රයිම්ලෑන්ඩ් කියන්නෙ ඉතා සශ්‍රීක භූමියක් ඒක පාළනය කලේ මුෆාස කියන සිංහය. ඔහුගෙ රැජින සරාබි නම් සිංහ ධේනුවක් සහ ඔවුන්ගේ පුතා තමයි අපේ කථානායකය.එයාගෙ නම සිම්බ. ඔහු තමා අනාගත කිරුළ හිමි කුමර. මේකට අකමැති එක්කෙනෙක් හිටිය. ඒ තමයි මුෆාසගෙ සහෝදරය දුෂ්ඨ ස්කාර්. දවසක් ස්කාර් ප්‍රයිම්ලෑන්ඩ් වලින් පිටමන් කරල හිටපු හයිනාවො රැළත් එක්ක එකතුවෙලා කුමන්ත්‍රණයකින් රජුව මරල, සිම්බවත් රවටල ඔහුව ප්‍රයිම් ලෑන්ඩ් වලින් එළවල දානව. ඉන්පසු සිම්බ ප්‍රයිම්ලෑන්ඩ් වලින් හුගාක් ඈත එපිට වනාන්තරයකට ගොස් ජීවත්වෙනව. මුෆාසගෙ මරනයත්, සිම්බාගේ අතුරුදහන් වීමත් හේතුවෙන් ස්කාර් නිකම්ම රජ වෙනව. ඔහු තමන්ගෙ සහයට අර පිටමන් කරල දාල හිටපු හයිනලවත් ගෙන්නගන්නව. ස්කාර්ගෙ පාළනයට අනිත් සිංහයො නම් තදින්ම විරුද්ධ වුනත් ඔවුන්ට කරන්න කිසිම දෙයක් ඉතිරි වෙලා තිබ්බෙ නෑ.
කථාවක් තියනව හයිනලගෙ බඩ කොච්චර කෑවත් පිරෙන්නෑ කියල. ඉතිං මේ කෑදර හයිනලත් එක්ක එකතුවෙලා දුෂ්ඨ ස්කාර් කොහොම රාජ්‍යයය පාලනය කරයිද? ප්‍රයිම් ලෑන්ඩ් වල අනාගත ඉරණම කොහොම වෙයිද? සරාබි ඇතුලු අනිකුත් සිංහයින් ස්කාර්ගේ දුශ්ඨ පාලනය ඉවසන් ඉදීද? මේ කිසිවක් දන්නැතිව ඈත වනාන්තරයකට වෙලා, අතීතයේ වෙච්ච හැමදේම අමතක කරල සතුටින්, වෙනම ජීවතයක් ගතකරන සිම්බා මේ කථාව කොහොම අවසන් කරයිද? ලෝක ඉතිහාසය තුළ බිහිවූ විශිෂ්ඨතම කාටුන් චිත්‍රපටියක ප්‍රතිනිර්මාණයක් වන The Lion King 2019 නැරඹීමට ඔබ සියලු දෙනාටම මම ආරාධනා කරනවා.
Due to copyright issues we do not provide any torrent links
උපසිරැසි ෆයිල් බාගත නොවේනම් 1. ඔබ Internet Download Manager(Idm) භාවිතා කරන්නේ නම් Google Chrome බ්‍රව්සරය භාවිතා කරමින් Alt යතුර සමඟ භාගත කිරීමේ ලින්ක් එක ක්ලික් කරන්න. 2. වෙනත් බ්‍රව්සරයක් භාවිතා කර බලන්න.

ලබා දී ඇති මෙම සිංහල උපසිරැසි සඳහා
චන්දුල තිලකරත්න
සහෝදරයාට ස්තූතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් සියල්ල ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Joined Date: Jan 02, 2021
How to download lion king movie with Sinhala subtitles
නියමයි
තෑන්ක්ස් සහෝ
Thanks
Thanks... good job!!
සිංහල උපසිරැසියට ස්තූතියි!!!