Addvertisement Second
V 2020

V (2020) Sinhala Subtitles | සාධාරණ දාම ඝාතකයා ‍| සිංහල උපසිරැසි සමඟ

2020 Year
2h 20m Length
6.9 Imdb

ඔන්න අද මම අරගෙන ආව Serial Killer Movie වලට කැමති අය වෙනුවෙන්ම සුපිරි තෙලිගු චිත්‍රපටියක්. දාම ඝාතකයෙක් පොලීසිය අන්ත අසරණ කරවන සිද්ධියක් තමයි මේ චිත්‍රපටියෙ අන්තර්ගත වෙන්නෙ. මේක Cat and Mouse Movie එකක්. ඒ කියන්නෙ මේ චිත්‍රපටිය පුරාවටම තියෙන්නෙ හොරා පොලිස් සෙල්ලමක්. ආරම්භයේ ඉදල අන්තිම මොහොත වෙනකම්ම කුතුහලය එක දිගට රැදෙන විදිහට ගොඩනගපු සාර්ථක නිර්මාණයක් තමයි මේ V කියන චිත්‍රපටිය. මේ චිත්‍රපටියෙ දාම ඝාතකයාගෙ චරිතය හොබවන්නෙ තෙළුගු සිනමාවේ සුපිරි නලුවෙකු වන නානි විසිනි. මෙහි මම දකින විශේෂ කරුණක් තමයි චිත්‍රපටිය පුරාවටම තියන සාර්ථක සිද්ධි ගැළපීම. ඒ කියන්නෙ මේ චිත්‍රපටිය පුරාවටම සිදුවන හැම සිදුවීමක්ම එකකට එකක් සම්බන්ධයි. සරලවම කීවොත් මේක Forward කරන්නැතුව, එකදිගට බලන්න ඕනි චිත්‍රපටියක්. මේ චිත්‍රපටියෙ සටන් ජවනිකා වල පවා සැළකියයුතු සාර්ථකත්වයක් හා ඉහළ තාත්වික බවක් තිබෙනව.

V චිත්‍රපටිය  මුලින්ම තිරගත වුනේ 2020 සැප්තැම්බර් 5 වෙනිද. මේක අයත්වෙන්නෙ Action, Crime, Thriller යන කාණ්ඩ වලට. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂනය කලේ Mohana Krishna Indraganti නම්වූ ප්‍රවීණ අධ්‍යක්ෂකවරයා විසින්. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයන් හොබවන්නේ Nani, Sudheer Babu Posani හා Nivetha Thomas විසිනි. මෙය IMDB Rating 6.6 ක් වැනි ඉහළ අගයක් ලබාගෙන තියනවා.අපි දැන් යමු කථාව පැත්තට.

කථාව ආරම්භවෙන්නෙ ජාතිවාදී කැරැල්ලකින්. පිරිසක් දේපළ වලට පහර දෙනව, මිනිස්සුන්ට පහර දෙනව, වාහන ගිනිතියනව. මුලු නගරයම අවුල් ජාලයක්. ටික වෙලාවකින් මෙතනට එනව කථාවෙ ප්‍රධාන චරිතයක් වන DCP ආදිත්‍ය. මේ දක්ශ පොලිස් නිලධාරියා ගේ නායකත්වය යටතේ සම්පූර්ණ කැරැල්ල මැඩපවත්වන්ව. ඒ සිද්ධිය රටේ හැම තැනම ප්‍රසිද්ධ වෙනව. එදයින් පස්සෙ DCP ආදිත්‍යට හැමෝම කිවෙ "සුපිරි පොලිස් නිලධාරිය" (Super cop) කියල. ජාතිවාදී කැරැල්ල මැඩපැවැත්වීමේදී දක්වපු විශේෂ දක්ෂතා හින්ද DCP ආදිත්‍ය ට සම්මානයක් පිරිනමනව. ඒ සම්මානය පිරිනමන  දවසෙම රෑ  එක් නාඳුනන පුද්ගලයෙක් ඉන්ස්පෙක්ටර් ප්‍රසාද්ව අමානුෂික ලෙස ඝාතනය කරනව. ඒ තමයි දාම ඝාතකයගෙ පළවෙනි ගොදුර. පළවෙනි ඝාතනයෙන් පස්සෙ මිනීමරුව DCP ආදිත්‍යට අභියෝග කරනව, "පුලුවන්නම් මාව නවත්තන්න" කියල. ඔහොම තමා කථාව පටන්ගන්නෙ.

ඇත්තටම මේ දාම ඝාතකයගෙ අරමුණ මොකද්ද? ඇයි මේ විදිහට මිනිස්සු එකා පිට එකා මරල දාන්නෙ? මේ මනුස්සය මානසික රෝගියෙක්ද? නැත්තන් මේක පලිගැනීමක්ද?  ඉතිං ඇයි DCP ආදිත්‍යට අභියෝග කරේ? අන්තිමට මේ මිනීමරුව අපේ Super Cop අතින් මට්ටුවෙයිද? නැත්තන් අපේ Super Cop ගෙ තරුපටි  ටික ගැළවෙයිද? ප්‍රශ්න ගොඩයි! මේ හැම ප්‍රශ්නෙකට උත්තරේ හොයාගන්න ඕනිනම් ඔයාලටත් මේ චිත්‍රපටිය බලන්නම වෙනව. ඉතිං මම හැමෝටම ආරාධනා කරනවා.

ලබා දී ඇති උපසිරැසිය
HD/Web
පිටපත් සඳහා ගැලපේ
Download|1675

උපසිරැසි ෆයිල් බාගත නොවේනම් 1. ඔබ Internet Download Manager(Idm) භාවිතා කරන්නේ නම් Google Chrome බ්‍රව්සරය භාවිතා කරමින් Alt යතුර සමඟ භාගත කිරීමේ ලින්ක් එක ක්ලික් කරන්න. 2. වෙනත් බ්‍රව්සරයක් භාවිතා කර බලන්න.

profile card

ලබා දී ඇති මෙම සිංහල උපසිරැසි සඳහා
චන්දුල තිලකරත්න සහෝදරයාට ස්තූතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් සියල්ල ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Joined Date: Jan 02, 2021


4
Total Subtitles

Check Also

V 2020 overlay-icon

Queens Gambit (2020) [S01: E07] Sinhala Subtitles | අවසානය ‍| සිංහල උපසිරැසි සමඟ (18+)

ඔන්න එහෙනම් මෙම කතා මාලාවේ 7 වෙනි කොටස ඒ කියන්නෙ අන්තිම කොටසත් අරන් ආවා. මෙම කතාමාලාව walter Tevis

Leave Reply

5 Comments

  1. Supun Kaushalya
    Mar 10, 2021 at 01:28 pm

    තෑන්ක්ස් සහෝ

  2. Sanjaya
    Jan 15, 2021 at 05:39 am

    නියමයි බ්‍රෝ!

  3. Isuru Tharanga
    Jan 14, 2021 at 07:32 am

    Ela ela.

  4. Ruwan prasad
    Jan 13, 2021 at 05:24 am

    Thanks!

  5. Dewadithya
    Jan 12, 2021 at 04:24 pm

    සිංහල උපසිරැසියට ස්තූතියි